කැමැත්තෙන් පිටව යන අයට අමෙරිකා ඩොලර් විසි දහසක් .

0
82

ස්වෙච්ඡාවෙන් මනුස් සරණාගත කඳවුරෙන් පිටව තම ගම් රටවල් කරා යාමට කැමැති සරණාගතයන්ට ඔස්ට්‍රේලියා ෆෙඩරල් ආණ්ඩුව අමෙරිකා ඩොලර් විසි දහසක වන්දියක් ලබා දීමට තීරණය කිරීමත් සමඟඉ මනුස් දූපත් කඳවුරේ වෙසෙන තිහකට අධික සරණාගතයන් පිරිසක් ඉන් ඉවත්ව යාමට කැමැත්ත පළ කොට ඇතැයි ‘රොයිටර්‘ පුවත් සේවය වාර්තා කරයි.

මෙසේ තම මවු රටවලට යාමට කැමැත්ත පළ කොට ඇති බොහෝ දෙනා මනුස් සරණාගක කඳවුරේ වසර හතරකට වැඩි කාලයක් ගත කර ඇති අය වෙති. ඔස්ට්‍රේලියාවේ සරණාගතභාවය අයදුම් කර එම පරික්ෂණවලින් දෙවරක් ම අසමත් වූවෝ ද මේ අතර වෙති.

මනුස් සරණාගත කඳවුරෙන් මෙලෙස වන්දි මුදල් ලබා ගෙන පිටව යාමට කැමැත්ත පළ කොට ඇති නේපාල ජාතික සරණාගතයක් තමනට සිය මවු රටට යාමට වුවමනා පහසුකම් සලසා දෙන ලෙස සරණාගතයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයෙන් ඉල්ලා ඇති බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.

සරණාගතයන් පිටමං කිරීමට මුදල් දීමනා යෝජනා කිරීම නිත්‍යනුකූල නොවන බව සරණාගතයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානය පවසතත් ජර්මනිය ද තම රටේ රැඳී සිටින සරණාගතයන් ගෙන් ද ඉල්ලා ඇත්තේ මවුරටවලට ආපසුයාමට කැමැත්තක් දක්වන්නන් වෙනුවෙන් අමෙරිකා ඩොලර් 1263ක දීමනාවක් ලබා දෙන්නට සූදානම් බව ය.

තම රටට අනවසරයෙන් පැමිණෙන සරණාගතයන් සහ සංක්‍රමණිකයන් රඳවා තැබීම පිණිස මනුස් හා නාවුරු දූපත් හි කඳවුරු පවත්වාගෙන යාම වෙනුවෙන් 2014 වසරේ සිට අධික මුදලක් වැය කරමින් සිටියි.

දැනට රැඳවියන් 1200 කට අධික පිරිසක් වෙසෙන මනුස් කඳවුරේ ශ්‍රී ලාංකික, කාම්බෝජ, ඉන්දුනීසියා, ලෙබනන්, ඉරානය යන රටවලට අයත් පිරිස් වෙති. ඔස්ට්‍රේලියාවේ සිටින සරණාගතයන් 1250 ක පිරිසක් නැවත තම රටේ පදිංචි කිරීම සඳහා ඔස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් හා එවක අමෙරිකා ජනපති බැරැක් ඔබාමා එකඟතා ගිවිසුමකට අස්සන් තබා තිබුණ ද අමෙරිකා නව ජනපත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පාලනය හමුවේ එම ගිවිසුම ක්‍රියාත්මක කිරීම අමෙරිකාව තාවකාලිකව අත්හිටුවා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here