ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශිෂ්ඨ දස්කම් පෑ අසේල සහ ප්‍රසන්නට හමුදාවේ උසස්වීම්.

0
38

ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් ක්ෂේත්‍රයේ විශිෂ්ඨ දස්කම් පෑ හමුදා නිලධාරීන් දෙදෙනකු ට උසස්වීම් ලබා දුන් බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

පසුගියදා ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දී තරගයේ ශූරයා සම්මානය දිනාගත් අසේල ගුණරත්න, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිශාන්ත ද සිල්වා විසින් සැරයන් තනතුරේ සිට බලලත් නිලධාරී – II තනතුරට උසස් කරන ලද බව යුද හමුදාව නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

විස්සයි විස්ස තරගාවලියේ අසේල ගුණරත්න ගේ ප්‍රහාරාත්මක පිතිහරඹයක්‍රීඩාලෝලීන් මෙන්ම දෙස්, විදෙස් ක්‍රීඩා විචාරකයන්ගේ ද ප්‍රසාදයට ලක්විය.

ඊට පෙරාතුව දකුණු අප්‍රිකාව සමඟ පැවති ක්‍රිකට් තරගාවලියේ දී සුවිශේෂි දස්කම් දැක්වූ සික්කුගේ ප්‍රසන්න, බලලත් නිලධාරී – II තනතුරේ සිට බලලත් නිලධාරී – I තනතුරට උසස් කරන ලද බවත් යුද හමුදාව පවසයි.

සික්කුගේ ප්‍රසන්න සහ අසේල ගුණරත්නImage copyrightA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here