උඩුවේ ධම්මාලෝක හිමිට වරෙන්තු .

0
37

පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද වරෙන්තු නිකුත් කලේය.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහගේ නියෝගයකට අනුවයි.

කිරුළපන ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මකවීමේ දි තමන් ඇතුළු ප්‍රදේශවාසීන්ට හිරි හැර වන බව පවසමින් හිටපු අමාත්‍ය  මිලින්ද මොරගොඩ ඇතුළු පිරිසක් පවරා තිබූ නඩුවක් අද කැඳවනු ලැබීය.

පසුගිය නඩු වාරයේදී පොරොන්දු වුවද පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි අද දිනයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර උන් වහන්සේ  අධිකරණයෙන් අවසරයකින් තොරව  මේ වන විට විදෙස් ගතවී ඇති බවට අනාවරණය වී තිබේ.

ඒ හේතුවෙන් උන්වහන්සේ අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ අද විසින් වරෙන්තු නිකුත් කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here