නිමාවූ ශූරයන්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ඉන්දියාව විවේචනය කරමින් පකිස්තානට සහාය දැක්වූ මුස්ලිම් ජාතිකයන් 15 දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව තිබේ. ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව බී.බි.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කළේය.

ඔවුන් තරගයෙන් පසුව ඉන්දියාවට විරෝධය දක්වමින් පාකිස්තානයට සහාය දක්වා ඇතැයි සඳහන් වෙයි.  මුස්ලිම් ජනතාව සිටි ස්ථානයේ අසල්වාසී හින්දු පිරිසක් පොලීසියට පැමිණිලි කර අත්තේ අත්අඩංගුවට පත් පිරිස ගිණිකෙළි ආදිය යොදාගනිමින් ඉන්දීය විරෝධී ප්‍රකාශ කරමින් තමන්ට කරදර වන අයුරින් හැසුරුණු බවයි.

මුස්ලිම් ජාතිකයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ රාජද්‍රෝහී චෝදනාව යටතේ වන අතර ඉන්දීය නීතිය අනුව එය දරුණු ගණයේ වරදක් බවද සඳහන් වෙයි. මෙම මුස්ලිම් ජාතිකයන් පාකිස්තානයට සහාය දැක්වීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව නොමැති බවත් ඉන්දියාව විවේචනය කරමින් කටයුතු කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවත් සඳහන් වෙයි.

ශූරයන්ගේ කුසලාන අවසන් මහ තරගයේදී ඉන්දිය කණ්ඩායම පරාජය කරමින් පාකිස්තානය ශූරතාව ජය ගැනීමට සමත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here