ආලෝක වර්ෂ බිලියන තුනක් ඈතින් පිහිටි මන්දාකිණියකින් අබිරහස් සංඥා ලැබෙමින් පවතින බවත්, ඒවා පිටසක්වළ බුද්ධිමත් ජීවින් නිකුත් කළ සංඥා විය හැකි බවත් ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකා තාරකා විද්‍යාඥ විසාල් ගජාරී කියයි.
විසාල් ගජාරී ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ බාර්ක්ලි පර්යේෂණ ආයතනයට සම්බන්ධ තාරකා විද්‍යාඥයෙකි. මෙම පර්යේෂණ ආයතනය විශ්වයේ සිට පැමිණෙන කෙටි ගුවන් විදුලි තරංග පිළිබඳ විමසිල්ලෙන් පසුවෙයි.
විශ්වයේ සිට ලැබෙන කෙටි ගුවන් විදුලි තරංග හසුකර ගැනම අරමුණින් බාර්ක්ලි පර්යේෂණ ආයතනය නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ. ඒ, 2015 වසරේ සිටය.
එම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ ලොව කීර්තිමත් තාරකා භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකිංස් සහ රුසියානු කෝටිපති ව්‍යාපාරික යූරි මිල්නේර්ගේ එකමුතුවෙනි.
විශ්වයෙන් පැමිණෙන ගුවන් විදුලි තරංග හසුකර ගැනීම සිදුවන්නේ පෘථිවි දුරේක්ෂ ආධාරයෙනි. මෙම ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 100 කි. ව්‍යාපෘතියට මුදල් යෙදවීම සිදු කරන්නේ මිල්නේර් විසිනි.
‘කෙටි ගුවන් විදුලි සංඥා අපට ලැබෙනවා. ඒත් ඒවා ලැබෙන්නේ කෙතැනින් ද කාගෙන් ද යන්න මෙතෙක් සොයා ගැනීමට අපට හැකියාවක් ලැබිලා නැහැ.’ යැයි විසාල් ගජාරී ඬේලිටෙලිග්රාෆ් පුවත් සේවයට පවසා ඇත. ලැබෙන එම සංඥා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව ද විසාර් ගජාරී පැහැදිලි කර තිබේ.
(රොයිටර්)