ඇන්ජලීනා ජොලී කාම්බෝජයට ගියේ ඇයි….?

0
32
ලෝකය පිළිබඳ තමන්ට සැබෑ අවබෝධයක් ලබාගැනීම සඳහා කාම්බෝජය මුල් වූ බව ජනප්‍රිය හොලිවුඩ් නිළි ඇන්ජලීනා ජොලී පවසයි.

ඇය ඒ බව කියා සිටියේ කාබෝජය පසුබිම් කරගත් සිය නවතම චිත්‍රපටය කාම්බෝජයේදී පළමුවරට තිරගත වීමත් සමග බීබීසී මාධ්‍යවේදිනී යල්ඩා හකීම් සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

1975 – 1979 කාලය තුළදී ඛේමර් රූජ් පාලනය විසින් කාම්බෝජයේ ගෙන යන ලද මහා ජනසංහාරය දරුවෙකු ඇසින් දුටු ආකාරය First They Killed My Father නම් වූ ඇන්ජලීනා ජොලී විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටයට පසුබිම් වී තිබේ.

එය උපුටාගෙන ලැබ තිබෙන්නේ ලූන්ග් උන්ග් නම් ලේඛිකාව සිය කුඩා කළ අත්දැකීම කැටිකොට ලියන ලද කෘතියකිනි.

එසමයේදී මුහුණ දුන් කම්පිත අත්දැකීම් පිළිබඳව විවෘතව කතා කිරීම සඳහා කාම්බෝජ ජනතාවට තමාගේ චිත්‍රපටය රුකුලක් වනු ඇතැයි අපේක්ෂා කරන බව ඇන්ජලීනා ජොලී පැවසුවාය.

ඛේමර් රූජ් පාලනය සමයේදී එරට ලක්ෂ විස්සක ජනතාවක් මිය ගියහ.

කාම්බෝජ ජනසංහාරය

Grey line
Angelina Jolie and her son, Maddox
ඇන්ජලීනා ජොලී සිය වැඩිමහල් පුතු වූ මැඩොක්ස් සමග

මේ වනවිට එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ආයතනයේ විශේෂ නියෝජිතවරියක ද වන ඇන්ජලීනා ජොලී ප්‍රථම වරට කාම්බෝජයේ සංචාරයක නිරත වුනේ ඇය රඟපෑ 2001 වසරේ ජනප්‍රියම චිත්‍රපටයක් වූ ‘Lara Croft: Tomb Raider’ හි රූගත කිරීම් සඳහාය.

අනතුරුව ඇය විසින් හදාවඩා ගනු ලැබූ සිය වැඩිමහල් පුතු වූ මැඩොක්ස් ගෙන ගියේ කාම්බෝජයෙනි.

ඇන්ජලීනා ජොලීගේ චිත්‍රපටයේ මංගල දර්ශනය සෙනසුරාදා (පෙබ.18) කාම්බෝජයේ පෞරාණික ‘අන්ග්කෝර් වත්’ පරිශ්‍රයේ දී පැවැත්වුණු අතර ඊට ඇගේ දරුවන් හය දෙනා ද සහභාගී වූහ.

කලකට පසු

Grey line
9 US director-actress Angelina Jolie (C) and her adopted children stand as they visit Cambodian King Norodon Sihamoni at the Royal Palace in Siem Reap province, Cambodia, 18 February 2017
චිත්‍රපටයේ මංගල දර්ශනය සඳහා ඇන්ජලා ජොලීගේ දරුවන් හය දෙනා ද සහභාගී වූහ

එහි තවත් විශේෂත්වයක් වූයේ එරට නොරොදම් ශිහමොනි රජු ද ඊට එක්වීමය.

කාම්බෝජය තුළ ඇන්ජලීනා ජොලී විසින් පිහිටුවන ලද පරිසර පදනම විසින් කරන ලද මෙහෙය හේතුවෙන් 2005 වසරේදී නොරොදම් ශිහමොනි රජු විසින් ඇයට කාම්බෝජ පුරවැසිභාවය පිරිනමන ලදී.

ප්‍රකට හොලිවුඩ් නළු බ්‍රැට් පිට්ගෙන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී දික්කසාද වීමෙන් අනතුරුව ඇන්ජලීනා ජොලී ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු ප්‍රධාන අවස්ථාව මෙම චිත්‍රපට තිරගත කිරීම වේ.

 

 

 

 

BBC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here