පසු ගිය දා එංගලන්තයේ ලෝඞ්ස් පිටියේදී පැවැත්වුණ කාන්තා ලෝක කුසලාන අවසන් තරගයට සහභාගි වූයේ එංගලන්තය හා ඉන්දියාවයි. එංගලන්ත කාන්තා කණ්ඩායම සිව් වන වරටත් ලෝක කුසලානය දිනා ගත් අතර ඉන්දියාව පරාජය වූයේ ලකුණු නවයකිනි. එය ඉන්දියා කණ්ඩායමට බලවත් දොම්නසක් වුවත් ඔවුන් ඉතා හොදට කි‍්‍රඩා කළ බව නොකියු කෙනෙක් නැත.

ඉන්දියානු කාන්තා කණ්ඩායමට සුබ පතන්නට එක් වූ මිලියන ගණනාවක කි‍්‍රකට් ලෝලීන් අතර ජනපි‍්‍රය නළුවෝ ද වූහ. ටොයිලට් ඒක් පේ‍්‍රම් කතා චිත‍්‍රපටියේ ප‍්‍රචාරක කටයුතු වෙනුවෙන් ලන්ඩනයට ගොස් සිටි ආක්ෂේ කුමාර් ලෝඞ්ස් පිටියටම ගියේය. තර`ගය ආරම්භ වෙන්නට පෙර කි‍්‍රඩාංගනයට යාමේ නොඉවසිල්ල නිසා තමා සපත්තුත් නොදා දුම්රිය අල්ලා ගන්නට දිවූ ආකාරය ආක්ෂේ ට්විටර් අඩවියේ සටහන් කර තිබිණි.

ඉන්දියානු ජාතික ධජයක් ද රැුගෙන ගිය ඔහු එය වනමින් කණ්ඩායම දිරිමත් කළේය. එහෙත් ඔහුත් නොදැනුවත්වම ධජය උඩුයටිකුරු වී තිබිණි. ඔහු එය වනන ආකාරය දැක්වෙන පින්තූරයක් ට්විටර් අඩවියේ පළ වු වහාම බොහෝ දෙනෙක් ඒ වරද පෙන්වා දුන්හ. සමහරු ඔහුට ඇනුම්පද කීහ. එය බලවත් වරදක් හා රටට අවමානයක් බව කී අය ද බොහෝය.

‘‘ඇත්තටම මම හුගාක් උද්යෝගයෙන් හිටියේ.. ඒ හින්දම කොඩිය උඩු යටිකුරු වෙලා තියෙනවා මම දැක්කෙ නෑ.. කොහොම වුණත් ජාතික කොඩිය පිළීබ`ද නීතියක් උල්ලංඝනය වීම ගැන මම හු`ගාක් කණගාටුවට පත් වෙනවා.. ඒ වගේම හැම දෙනාගෙන්ම සමාවත් ඉල්ලනවා.. මම ඒ පින්තූරයත් වෙබ් අඩවියෙන් අයින් කළා..’’ ආක්ෂේ එසේ සදහන් කර තිබිණි.

මේ අතර ඔහුගේ බිරි`ද ට්වින්කල් ඛන්නාට ද පසු ගිය දා අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වූයේය. ඇය ගුවන් ගමනක යෙදෙමින් සිටියදී අසළ අසුනේ සිටි මගියාගේ මේස්වලින් දැඩි දුගදක් හැමීම නිසා ඇය හුස්ම හිර වෙන්නාක් බ`දු අපහසුවකට මුහුණ දුන්නාය. ඔහු මැරුණු ගෙම්බන් දෙදෙනෙකු මේස් තුළ දමාගෙන යන්නේදැයි අසන්්නට තමාට සිත් වූ බැව් ඇය පසුව සමාජ වෙබ් අඩවියක ස`දහන් කර තිබිණි. ඉවසන්නටම නොහැකි වූ තැන ඇය ගුවන් සේවිකාවකට පැමිණිල්ලක් කළාය. අනුකම්පාවෙන් ට්වින්කල් දෙස බැලූ ගුවන් සේවිකාව ම`ගියාට නින්ද ගියාට පසුව ඔහුගේ දෙපා වටේට සුව`ද විලවුන් වර්ගයක් ඉසින්නට පියවර ගත්තාය.

ට්වින්කල් මේ දිනවල පද්මන් චිත‍්‍රපටිය නිෂ්පාදනය කරමින් සිටින්නීය. ඇගේ සම්මානනීය සැමියා ආක්ෂේ කුමාර් සම`ග එහි ර`ග පාන්නේ සෝනම් කපූර් සහ රාධිකා ආප්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here