2012 දෙසැම්බර් 3 වැනි දින කේට්‌ මිඩිල්ටන් ගැබ්ගත් පුවත නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා කේට්‌ ගැබ්ගැනීමත් සමඟ human chorionic gonadotropin හෝර්මෝන මට්‌ටමේ වෙනස්‌කම් නිසා උදෑසන ඔක්‌කාරයෙන් පීඩා වින්ඳාය. ඇය ප්‍රතිකාර වෙනුවෙන් රෝහල්ගත වූ අතර දින තුනක්‌ නේවාසිකව ඇය ප්‍රතිකාර ලබාගත්තාය. දරුවා ලැබෙන්නට නියමිත කාල වකවානුව ලෙස වෛද්‍යවරුන් 2013 වසරේ ජූලි විය හැකි බව අනුමාන කරන ලදී.

2013 වසරේ ජූලි 22 වැනි දින කේට්‌ මිඩ්ල්ටන් ලෝකයක්‌ කුතුහලයෙන් බලා සිටි පුත්රුවන බිහි කළාය. ඔහු උපත ලබන අවස්‌ථාවේදී ආචාර වෙඩි මුර 21 ක්‌ පවත්වා මහත් අභිමානයෙන් රජ පෙළපතේ නව පුරුක පිළිගත් අතර ඔහුට නම් තැබුවේ කේම්බ්‍රිඡ් ජෝර්ඡ් ඇලෙදක්‌සැන්ඩර් ලුවිස්‌ යනුවෙන්ය. 2017 වසරේ ඔහු සිය හතරවැනි උපන්දිනය සමරනු ලැබීය.

අනාගතයේදී බ්‍රිතාන්‍යයේ කිරුලේ අයිතිය ඇති මේ පුංචි කුමරාට අනාගතයේ ලැබෙන බලතල සුළුවෙන් සැලකිය නොහැක. නයිට්‌වරුන් පත්කිරීමේ පටන් වරදකරුවන්ට දඬුවම් අනුමත කිරීම දක්‌වා බලතල ඔහුට හිමිවනු ඇත. ලන්ඩනයේ ශාන්ත මේරි රෝහලේ උපත ලද රජ පැටියාගේ උපත් බර කි. ග්‍රෑ. 3.80 ක්‌ විය. 2013 වසරේ ජූලි 24 වැනි දින කෙන්සින්ග්ටන් මාලිගයෙන් මෙම දරුවාගේ නම ජෝරඡ් ඇලෙක්‌සැන්ඩර් ලුවි යෑයි නිල ප්‍රකාශය ලබාදෙන ලදී.

රාජකීය බිළිඳා උපත ලද දිනයේ පටන් මුල්ම වසර සමරන තෙක්‌ රටවල් 48 ක්‌ විසින් ඔහුට විවිධ තෑගිබෝග එවා ඇත. ඔස්‌ටේ්‍රලියාවේ, උතුරු ටෙරිටෝනි ප්‍රාන්තයේ මහ ඇමැති විසින් ජෝර්ඡ් කුමරු නමින් කිඹුලෙක්‌ නම් කරන ලදී. ඩඩ්ලි සත්වෝද්‍යානයේ උපත ලද මීර්බළලුන් තිදෙනෙක්‌ ජෝර්ඡ්, ඇලෙක්‌සැන්ඩර් සහ ලුවිස්‌ යන කුමාරයාගේ සම්පූර්ණ නමේ කොටස්‌ යොදාගෙන නම් කරන ලදී. කෙන්යාවේ සම්බාරු ගෝත්‍රිකයන් විසින් කළු ගවයෙක්‌ සහ එළුවෙක්‌ ත්‍යාග ලෙසින් ලබාදෙන ලදී. මෙම ගවයා මුල් කර ගෙන “ලෙවා වන සත්ව සංරක්‌ෂණයේ” රාජකීය ගව රංචුව ලෙසින් අලුත් සත්ත්ව කොටසක්‌ මෙම සංරක්‌ෂණයට එක්‌ කරන ලදී.

18 වැනි සියවසට අයත් “අහ්මර් පෝල්” යනුවෙන් හැඳින්වෙන මෙම මන්දිරය දෙවැනි එලිසබෙත් රැජන විසින් ඇගේ මුණුපුරු විලියම් සහ කේට්‌ යුවලට ත්‍යාගයක්‌ ලෙසින් ලබාදුන්නාය. ඉතා පැරැණි මන්දිරයක්‌ වූ මෙය ප්‍රතිසංස්‌කරණයෙන් පසුව අලුත විවාහපත් ජෝඩුව පදිංචි වූ අතර එයින් අනතුරුව රාජ්‍යත්වයේ තෙවැනි උරුමක්‌කාරයා වශයෙන් ජෝර්- කුමාරයා මෙළොව එළිය දුටුවේ 2013 වසරේ ජූලි මස 25 වැනි දිනයි. කාමර දහයකින් ද ටෙනිස්‌ පිටියක්‌ සහ පිහිනුම් තටාකයක්‌ ඇතුළු නවීන සහ සියලු සැප පහසුකම් සහිත මෙම නිවසට අමතරව ජෝර්ජ් කුමාරයාට බකිංහැම් මාලිගාව ද විවෘතව ඇත.

දෙවැනි එලිසබෙත් රැජනගේ මීමුණුපුරු ලෙසින් හැඳින්වෙන ජෝරඡ් කුමාරයා රැජන විසින් හඳුන්වන්නේ “ගැන් ගැන්” යන සුරතල් නාමයෙන්ය. බකිංහැම් මාලිගාවට පැමිණෙන හැම අවස්‌ථාකදීම ඔහු වෙනුවෙන් ත්‍යාගයක්‌ පිරිනැමීමමට දෙවැනි එලිසබෙත් රැජන අමතක නොකරයි.

ඔහුගේ දෙවැනි උපන්දිනය දිනයේදී දෙමවුපියන් විසින් උපන්දින තෑග්ග ලෙසින් ලබාදුන්නේ පවුම් 18,000 ක්‌ වටිනා නිවසකි. එය තම සීයා හෙවත් වේල්සයේ කුමරු ලෙසින් සැලකෙන චාර්ල්ස්‌ කුමාරයාගේ හයිග්‍රොව් ප්‍රදේශය කෙළවර පිහිටා ඇත.

තවම කටේ කිරි සුවඳ නොගිය ජෝර්ඡ් කුමාරයා දැනටමත් සමාජගත සම්බන්ධතාවන් වෙනුවෙන් වූ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ ශික්‌ෂණය ලබාදීමට රාජකීයන් දක්‌වන්නේ විශාල උනන්දුවකි. 2013 වසරේ ඔහු තුන්වැනි උපන්දිනය සමරන විට ජෝර්ඡ් ළදරුවාගේ රුව ඇතුළත් තැපැල් මුද්දරයක්‌ සහ කාසියක්‌ නිකුත් කරන ලදී. ජෝර්ඡ් කුමාරයාගේ උපත සිහිකරවනු වස්‌ පිරිසිදු රත්රන් එක්‌ කරමින් සමරු කාසියන් නිකුත් කරන ලදී.

හිරු නොබසින අධිරාජ්‍යය ලෙසින් යටත්විජිත ගණනාවක අයිතිය ලබා සිටි බ්‍රිතානයයේ යටත්විජිත ආධිපත්‍යය ගිලිහෙමින් පවතින යුගයකදී තවමත් ඔස්‌ටේ්‍රලියාව පොදු රාජ්‍ය මණ්‌ඩලයේ නායිකාව ලෙසින් දෙවැනි එලිසබෙත් රැජනිය පිළිගන්නා රාජ්‍යක්‌ බවට පත්ව සිටිති. යම් හෙයකින් අනාගතය තෙක්‌ ඔස්‌ටේ්‍රලියාව මෙම ස්‌ථාවරයේ සිටියහොත් හෙවත් ජෝර්- ළදරුවාගේ රාජ්‍යත්වය යුගය වන විට ඔහුට අවශ්‍ය නම් පොදු රාජ්‍ය මණ්‌ඩලය විසුරුවා හැර කැබිනට්‌ මණ්‌ඩලය ඔහු යටතට පත්කරගත හැකිය. ආදායම් බද්දෙන් නිදහස්‌ රජ පෙළපත තොරතුරු පනතින් ද නිදහස්‌ය. 2000 වසරේදී බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් විසින් රාජකීය පවුල තොරතුරු පනතින් නිදහස්‌ කර ඇත. මේ නිසා රජ පවුල බ්‍රිතාන්‍යයට බරක්‌ වුණත් ඒ ගැන තොරතුරු විපරම් කිරීමට අවසරයක්‌ නැත.

Related image

Related image

 

Related image

 

 

 

 

 

උපුටා ගැනීමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here